ජාතික රෝහලේ රසායාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විරෝධතාවයක

ජාතික රෝහලේ රසායාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් අද (19) උදෑසන විරෝධතාවක් දියත් කර තිබේ.

රාසායනාගාර සේවා කටයුතු පවත්වා ගැනීමට බාධා වන අයුරින් ඇතැම් නිලධාරීන් අනවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරල්වරයා සමග පසුගිය සතියේ ඇති කර ගත් එකඟතාවට අනුව, ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය සතියක කාලයකට අත්හිටවුව ද, එකඟතා කිසිවක් ක්‍රියාත්මක නොවීමට එරෙහිව ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු සියලු රසායනාගාර සේවා කාර්‍යමණ්ඩලය මෙම උද්ඝෝෂණයට එක්වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිල කාමරය ඉදිරියේ මෙම උද්ඝෝෂණ පවත් වූ අතර, හෙට (20) දහවල් 12:00ට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එකඟවීමත් සමග පිරිස විසිර ගිය බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *