සුගතදාස ක්‍රීඩාංගනයෙදී ජනාධිපති අනුර දිසානායකේ ප්රධනත්ත්වයෙන් ඉකුත් අගෝස්තු 12 දින පැවති ජාතික තරුණ සමුළුවට රුපියල් ලක්ෂ 38,834,217 . 64 ක මුදලක් වියදම්කර ඇති බව ජාතික තරුණ සේවා සභාව සඳහන් කරයි .
එම තරුන සමුළුවට කෙතරම් මුදලක් වැයවූයේදැයි විමසමින් තොරතුරු දැනගැනීමේ පනත අනුව කල විමසීමකට පිළිතුරු ලබාදෙමින් ජාතික තරුණ සේවා සභාවේ පාලන අධ්‍ය්‍යක්ෂ මනුල චමල් පෙරේරා පවසයි.
සාමාජිකයන් 6000 කට ප්‍රවහන පහසුකම් සැපයු බස් රථ 112 ක් සඳහා 6,535,020 ක මුදලක්ද, සාමාජිකයන්ට ලබාදුන් ටී ෂර්ට් සඳහා රුපියල් 11,81,500 ක මුදලක්ද වැය කර ඇති බවත්, ඊට අමතරව සුගතදාස ක්‍රීඩාංගණයටද මුදල් ගෙවා ඇති බවත් ජාතික තරුණ සේවා සභාවේ පාලන අධ්‍යක්ස වරයා ලබාදුන් පිළිතුරේ සඳහන් වෙයි .