ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දේශපාලනඥයන්ට යන්න වෙන්නේ බස් සහ කෝච්චිවල.

අනාගතයේදී ජාතික ජන බලවේගයෙ විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වෙනස් කම් රැසක් සිදුකිරීමට අපේක්ෂා කරනා බව ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි .
ඒ අනුව දේශපාලඥයින් බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කරන බව ඔහු පැවසීය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසදයේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසි දිනක තම පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදා නොගත් බවයි.

“වෙනත් රටවල දේශපාලකයෝ බස්වල, කෝච්චිවල, බයිසිකල්වල, පොදු ප්‍රවාහනයේ ගිහින් මිනිස්සු එක්ක එකට වැඩ කරනවා ඔයාලා දැකලා ඇති. එහෙම දේශපාලන සංස්කෘතියක් මෙතනට අවශ්‍යද? අපි ඒ දේශපාලන සංස්කෘතිය සහ පරිවර්තනය ඇති කරනවා. අපි ඒ බව ඔබට සහතික වෙනවා.” ඔහු කිව්වා.

බංකොලොත් වූ රට භාර ගැනීමට ඔවුන්ට විශ්වාසයක් ඇති බවත් ආර්ථිකය යළි නගා සිටුවීමට අවශ්‍ය ධෛර්යය ඇති බවත් ඔහු සඳහන් කළේය .

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමට විදෙස්ගත ලාංකිකයන්ගේ සහ මෙරට ජනතවගේ සහය ලබාගැනිමට තම පක්සට සතුව වැඩ පිළිවෙළක් ඇතිබව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!