ජාතික ජන බලවේගයට සොරණතොට ප්‍රාදේශීය සභාවේ බලය අහිමි වෙයි.

ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ බලය එම පක්ෂයට අහිමිව ගොස් ඇත . ඒ අනුව ඊයේ දිනයේදී එම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව ඇත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් වැඩි ඡන්ද තුනකින් සම්මත වීමෙන් අයවැය ප්‍රතික්ෂේප විය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව සභාවේ වැඩිම සභික සංඛ්‍යාව හිමිව ඇත්තේ විපක්ෂයටය. විපක්ෂයට ආසන 10ක් හිමි වන විට, ජාතික ජන බලවේගය සතුව තිබුණේ සභික ධුර 05ක් පමණි.

එහෙත් සභාපතිවරයා තෝරා ගැනීමේදී විපක්ෂයේ සභිකයන් දෙදෙනෙකු ජා.ජ.බ. අපේක්ෂකයාට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්, සභාපති ධුරය ජාතික ජන බලවේගයට හිමි විය .