ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. විශ්වාසදායක ආරංචි මාර්ග පවසනුයේ NMRA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් ගනු ලැබූ සාමූහික තීරණයක් මත ඔහු ඉවත් කර ඇති බවය .

ව්‍යාජ ලේඛන යොදා ගනිමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් (IVIG) ආනයනය කිරීමට අවසරය දුන්නේයයි වෛද්‍ය ගුණසේකර මහත් ආන්දෝලනයකට ලක් විය.

මේ අනුව, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ ප්‍රමිතියෙන් තොර එම එන්නත ආනයනය කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කළ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනමක් අධිකරණය මගින් පනවන ලදි.

මේ අතර, වෛද්‍ය විජිත් ගුණසේකර විසින් NMRA හි පවටහ්වාගෙන ගිය වැදගත් ලේඛණ රැසක් විනාශ කළ බවට පසුගියදා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරනා ලදි . ඒවන විටත් වෛද්‍ය විජිත් ගුණසේකරට ධුරයෙන් ඉලා අස්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබු මුත් ඔහු එසේ ඉවත්වීම ප්‍රතික්ෂේප කරන ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *