ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රමුඛත්වය දෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබේ.

මෙම හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ (EFF) අරමුදල් පහසුකම යටතේ ලබාදෙන ණය පහසුකමට අමතරව ලබා දෙන මූල්‍ය පහසුකමක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ පස්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට 2026 වසර ආරම්භයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .