ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අද (26) සහ හෙට (27) රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර එමගින් සැලසෙන ප්‍රථිලාභ පිළිබඳව මෙහිදී දැනගැනීමේ හැකියාව උදාවනවා.
ඒ සම්බන්ධයෙනුයි පහතින් ඔබව දැනුවත් කරනු ලබන්නේ.
ඔබ බලපත්‍රලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මඟින් විදෙස් ගතවන්නේ නම් එම ආයතනයේ මැදිහත්වීම මත විදේශගත වීම සඳහා අවසන් අනුමැතිය ලබාගත යුතුය.
එසේ නොමැතිව පෞද්ගලිකව රැකියාවක් සඳහා විදෙස්ගත වනවානම් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ පළමු අනුමැතිය ලබාගත යුතුයි.
මෙලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වී විදෙස්ගත වීම මඟින් ඔබට වඩාත් සුරක්ෂිත හා ප්රතිලාභ සහිත විදෙස් රැකියා අවස්ථාවක් වෙත යොමුවීමේ පහසුකම් රජය විසින් සපයා දෙනු ලබනවා.
එසේම රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ඔබට ප්රතිලාභ රක්ෂනාවරණයක් ලැබෙනවා .
එමඟින් විදෙස්ගත වී සිටින විට ඔබේ ජීවිතයට හානියක් සිදුවුවහොත් රුපියල් ලක්ෂ හයක(600000) උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටිනවා.
එමෙන්ම පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් එක්ලක්ශ විසිපන්දහසේ සිට (125000) සිට ලක්ෂ හතර (400000) දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.
රෝගී තත්ත්වයක් හෝ කරදර, හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද මෙම රක්ෂණාවරණය තුළින් හිමිවෙනවා.
එසේම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා රුපියල් පනස් දහසක් (50000) ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටිනවා.
රජයේ ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනු ලබනවා.
එහිදී විදෙස් ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රුපියල් විසි දහසක් (20000)ක් , අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමකදී රුපියල් 25000ක් හා අපොස උසස් පෙළ සමත් වීමකදී රුපියල් තිස්පන්දහසක්( 35000.)ක මුදලක් ලබාදීමටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අංශය මඟින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ හැකියාවද ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී තිබෙනවා.
එමෙන්ම ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී ඔබට මූල්‍යමය අපහසුතාවලට මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාවද ඔබට හිමිකර දීමටත් රජය සැලසුම් කර තිබෙනවා.
විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන්,රක්ෂනාවරණයට අමතරව නිවසක අවශ්‍යතාවය සහිත අයට නිවසක් ඉදිකරදීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ දහයක (100000.00) උපරිමයකට යටත්ව ලබා දෙනවා.
එසේම නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක (10000.00) ආධාර මුදලක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් ගත වන අය සඳහා කාලීනව සංවිධානය කරන විවිධ ව්‍යාපෘති වැඩසටහන් හරහා ප්රතිලාභ ලබාදීම අඛණ්ඩව මේවන තෙක් සිදුකරමින් පවතිනවා.
ඔබත් විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූල ක්‍රමවේදය හරහා විදෙස් ගතවීම ඔබත් ඔබේ පවුලේ අයත් සුරක්ෂිත අනාගතයක් කරා රැගෙන යන ප්‍රධානතම ක්‍රමවේදය බවට නොඅනුමානයි.
එමෙන්ම මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී නිවැරදි මාර්ගයෙන් සුරක්ෂිතව විදෙස්ගත වීම සඳහා ඔබත් විදේශ සේවා නියුක්ති කාරංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අංක 234 ,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල ලිපිනයේහි ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා.
ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 0112879900, 0112879902 යන දුරකථන අංක ඔස්සේ හෝ පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි දුරකථන අංකය 1989 ඇමතුමක් ලබාදීමෙන් ලබාගත හැකියි.