මුලින් පැවැත්වෙන්නේ ජනධිපතිවරණයද නැතිනම් මහ මැතිවරණයද යන්න පිළිබඳ රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් නිර්මාණයවෙමින් පවතින් බව ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. හෝමාගමදි ඊයේ පැවති කොළඹ දිස්ත්‍රික් කාන්තා සම්මේලනය අමතමින් ඔහු මේ බව පැවසීය.
රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ මහමැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වීම වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය .
එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ ප්‍රබල සහයෝගයක් නොමැති බැවින් මහ මැතිවරණයට වඩා පළමුව පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපතිවරයා කැමති බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට නායකයෙකු නොමැති නිසා රාජපක්ෂවරු මහමැතිවරණයකට කැමති බව ඔහු පැවසීය .