ජනාධිපති මැදිහත් වුනත් කන්ටේනර් පෝලිමට විසදුම් නෑ

ජනාධිති අනුර කුමාර දිසානායක සහ වරාය හා රේගු නිලධාරීන් සමග සාකච්ඡා කළත් වරායේ මේ වන විට පවතින කන්ටේනර් පෝලිමට විසදුමක් ලැබී නැත.

ජනාධිපතිවරයා, ප්‍රවාහන හා මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායමක් සමග වරාය, රේගු සහ නිෂ්කාශනයට සම්බන්ධ සියලුම පාර්ශව ගෙන්වා සාකච්ඡා කළත් මෙම විසදුම ලබාගැනීමට නොහැකිවී තිබේ.

මෙම සාකච්ඡාවේදී පැය 24 පුරාම සේවාව පවත්වාගෙන යමින් කන්ටේැනර් පෝලිම නතර කිරීමට සාකච්ඡා කර තිබුණි. ඒ අනුව පෙබරවාරිග 16 වැනිදා පෙරවරු 6.30 න් අවසන් වූ පැය 24 පුරා ප්‍රධාන පර්යන්තය තුළින් බහාලුම් 1615ක් ුමදා හැර තිබේ. ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදා හැර ඇත්තේ කන්ටේනර 1337ක් පමණි.

ඒ අනුව වරාය තුළ හිරවී ඇති බහාලුම් යම් තරමකට ලිහිල් කරගැනීමට හැකිවී ඇති නමුත් පර්යන්තවලින් පිටවූ කන්ටේනරවලට වඩා අඩු කන්ටේනර ප්‍රමාණයක් වරාය ගේට්ටුවෙන් පිටව ගොස් ඇත.

මේ වන විට ගෙන ඇති විසදුම්වලින් වරායේ කන්ටේනර් තදබදයට විසදුමක් ලබාගැනීමට නොහැකිවී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.