ජනාධිපතිවරණය කල්දාන්න බෑ.

ජනාධිපතිවරණය කල් දැමීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් හමුවේ පැවසූවාය.

එක්සත් ජනරජ පෙරමුණ විසින් කොළඹදී ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබූ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය මෙ බව පැවසූවාය .

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මත පළවුවද ජනාධිපතිවරණයක් පවත්වන බවට පසුගියදා ජනාධිපති කාර්යාලය ලබාදුන් සහතිකය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිනිය මෙසේ පැවසූවාය

“මට කියන්න පුළුවන් එකම දේ ජනාධිපතිවරණය කිසිසේත් කල් දැමිය නොහැකි බවයි”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!