පොදුජන පෙරමුණෙන් ඉවත්වි විපක්ෂය සමග කටයුතු කරමින් සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මීලග ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බලාපොරොත්තුවෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ජනාධිපති ධූරය සඳහා ඩලස් අලහප්පෙරුම තරග කරන බව මින් පෙර ප්‍රකාශයට පත්ව තිබු නමුත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊට ඉදිරිපත්වීමට කැමැත්ත පල කිරීමත් සමග එම මන්ත්‍රීවරුන් අතර බෙදිමක් ඇතිව තිබෙනා බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි .
මෙම මන්ත්‍රී කණ්ඩායම මේ දිනවල මේ පිළිබඳව සාකච්ඡා පවත්වන මුත් විමල් සහ ඩලස් දෙදෙනාම අපේක්ෂකත්වය බලා පොරොත්තුවෙන නිසා එකී සාකච්චා විසඳුමකින් තොරව නිආවී ඇති බව වාර්තාවේ.
මේ අතර සමගි ජන බලවේගය සිය ජනාධිපතිධුර අපේක්ෂකය ලෙස සජිත් ප්‍රේමදාස දැනටමත් නම්කර ඇති බවත්, එබැවින් ඩලස් අලහප්පෙරුම හෝ විමල් වීරවංශ යන දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත්වුවත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් නොවනා බව ස.ජ.බ ප්‍රකශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය