ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සිදු වුවහොත් එම අභියෝගය භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.
දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත් එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවකු පමණක් බවත් හෙතෙම පැවසීය . පොදු එකඟතා මඟින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බව පැවැසූ ඔහු ඒ සඳහා සාමූහික නායකත්වයක් නිර්මාණය කිරීමට තමන් කැපවෙන බවද පැවසීය .
ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇති බවත්, රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව ජනාධිපති ධුර අපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත් අභියෝගය භාර ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය .
ඉතිහාසයේදී සෑමවිටම පොදු අරමුණක් සඳහා කණ්ඩායම්ගත වූ බවත් එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාළ නොවූ බව පැවසූ ඔහු, වඩාත් සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බව අවධාරණය කළේය.