ජනාධිපතිවරණයේදී ‘ආණ්ඩුවේ පක්ෂ’ එකට එක්වන ලකුණු

ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ඊයේ (25) රාත්‍රියේ ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහභාගීවී ඇති බවයි වාර්තාවන්නේ.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ මෙන්ම ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.