සිය අවල්වැසි රාජ්‍යන් වෙත නැවතත් ප්‍රහාර එල්ල නොකරන බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඊයේ (7) ලබාදුන් පොරොන්දුව උල්ලංගණය කරමින් ඉරානය අද කුවේටය, සෞදි අරාබිය, බහරේන් ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබේ .
කුවේටය පවසා ඇත්තේ, එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන ගබඩාවකට පහර දීමට ඩ්‍රෝන යානා රැසක් පැමිණි බවත්, එම ප්‍රහාර ව්‍යාර්ථ කළ බවත්ය.
එහෙත් එරට සමාජ ආරක්ෂණය සඳහා වූ මහජන ආයතනයේ ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වු බවත්, එම ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ලේ ගින්නක් හට ගත් බවත් වාර්තා වේ . එහෙත් එම ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිත් සිදු නොවූ බව කුවේට් රාජ්‍ය මාධ්‍ය පවසයි .
මීට අමතරව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශයටද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි ඩ්‍රෝන යාත්‍රා 20 ක් විනාශ කළ බව සෞදි ආරංචි මාර්ග පවසයි .
බහරේනයේ විශ්ව විද්‍යාලයකට සහ මුහුදු ජල පිරිපහදුවකටද මිසයිලයක කොටස් වැටීමෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ . ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතියද අද මිසයිල තර්ජනයකට මුහුණදුන් බව එරටින් ලැබෙනා වාර්තා පවසයි .