ජනපති අද පොහොට්ටු නායකයන් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

අද (18) පෙරවරු 11.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මෙන්ම පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *