ජනාධිපති අනුර කුමාර දිසානායකට සමාජ ජාල ඔස්සේ මඩ ප්‍රහාර එල්ල ෙවමින් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.ෙම ප්රවනතාවය ඉදිරි දින කිහිපය ඇතුළත එය වර්ධනය විය හැකි බවත්, එසේ වුවහොත් එය සාමාන්‍ය දෙයක් බවට පත්වුණු ඇති බවත් පැවසූ ඔහු එවන් තත්වයකට අවස්ථාව නොදිය යුතු බව අවධාරණය කළේය .
වැඩි වශයෙන් මෙම මඩප්‍රහාර එල්ල කරන්නේ විදේශගතව සිටින පිරිස් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි . දැනට රටතුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතිබවත්, එහි රෙගුලාසි යටතේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව වැරදි අදහස් සමාජගත කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.
එවන් පුද්ගලයන්ට වසරක් පහක උපරිමකට යටත්ව සිරදඬුවම් ලබාදීමට ප්‍රතිපාදන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. පොලිස් නිලධාරින් පිරිස් හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.