චීන-මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්ව දීර්ඝ කිරීමට චීනය සූදානම් වෙයි

චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව (CMEC) ශ්‍රී ලංකාවද ඇතුලත්වන පරිදි දීර්ඝ කිරීමට චීනය දැඩි උනන්දුවක් දක්වන බව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීනී Shen Yiqin ඊයේ කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී පැවසූවාය.

සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පැවසීය . හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන අවස්ථා සඳහා සූදානම් කර ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙම රැස්වීමේදී ඔහු කළාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර විස්තර කළ අතර ගෝලීය භූ දේශපාලන එදිරිවාදිකම්වලින් තොර නිදහසේ යාත්‍රා කළ හැකි සහ සාමකාමී කළාපයක් ලෙස ඉන්දියානු සාගරය පවත්වාගෙන යාමට රටේ කැපවීම යළිත් තහවුරු කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් Yiqin ප්‍රකාශ කළේ CMEC ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීමට චීනය ද ප්‍රමුඛත්වය දෙන බවයි. මීට අමතරව, චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙපාර්ශවයම එකඟ විය.

CMEC යනු පුළුල් Belt and Road Initiative (BRI) යටතේ ඇති උපාය මාර්ගික ආර්ථික සංවර්ධන මුලපිරීමකි. ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය තුළින් චීනය සහ මියන්මාරය අතර ආර්ථික සහයෝගීතාව සහ සම්බන්ධතාව වර්ධනය කිරීම කෙරෙහි එය අවධානය යොමු කරයි.

මෙම ව්‍යාපෘති අතර ප්‍රවාහන ජාල, බලශක්ති නල මාර්ග සහ චීනය සහ මියන්මාරය අතර වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අනෙකුත් මුල පිරීම් ඇතුළත් වේ.