චීනය ලංකාවේ වඳුරන් ලක්ෂයක් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ වඳුරන් (Toque macaque) සඳහා චීනයෙ පවතින ඉහළ ඉල්ලුම සපුරාලීමෙන් මෙරට වඳුරු ගහනය පාලනය කරගත හැකිවෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර‍යි.

චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලාංකික වඳුරන් ලබාදෙන ලෙස චීන නියෝජිත පිරිසක් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, පළමු අදියර යටතේ වඳුරන් ලක්ෂයක් චීනයට පිටත්කර හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් පසුගියදා පැවති බවත් වාර්තා වේ .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් වඳුරු ගහනය ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රිලවා නමින් ප්‍රකට වඳුරු ගහනය පාලනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත විශේෂ ලැයිස්තුවේ වඳුරන් දැන් නොමැති බව ඔහු පැවසීය. වැඩ සටහන සඳහා වන නීතිමය ක්‍රියා පටිපාටි අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

චීනයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ වඳුරු ගහනය මැඩපැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන පියවර කිහිපයක් ගෙන ඇති අවස්ථාවකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *