චීනයෙන් රේල් පීලි ගේන්න සැළසුම්

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන මස අග එම රේල් පීලි තොගය මෙරටට ලැබෙනු ඇති බවට ද, දුම්රිය මාර්ග නඩත්තුවට අවශ්‍ය ඇණ ඇතුළු අමතර කොටස් රැසක් මේ වන විටත් ආනයනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එහි ‌ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පීලි තොගය ලැබීමත් සමග දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බවයි.

මාර්ග අබලන් වීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවන වේගය බොහෝ ස්ථානවල අඩු කර ඇති අතර ඉන් දැඩි බලපෑමක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති අතර කොළඹ කොටුවේ සිට පානදුර දක්වා දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 ක් දක්වා අඩු කිරීමට පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *