චීනයයි ඉන්දියාවයි ලංකාවට තරගෙට උදව් කරයි .

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සිය අප්‍රිකානු සංචාරය නිමකර ආපසු එන අතරතුර ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්ත වෙයි .

ඒ අනුව ඔහු තම සංචාරයේදී විදේශ අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවීමට නියමිතය.

මෙම සංචාරයේදී, දිත්වා ආපදාවෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි .