ඝෝඨාභය බලයට ගෙන ඒම නිසා ලක්ෂ හැටක් පාරට වැටුනා .

රට බංකොලොත් කිරීමට ගෝඨාභය රාජාපක්ෂ පුම්බන්නට කටයුතු කළ සියලු දෙනාම වග කිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවසීය.

වැඩි දු‍රටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස පැවසීය . ”මැයි 09 අරලියගහ මැදුරෙන් දියත්වූ කූ ප්‍රකට ප්‍රාහාරය තෙක්ම රාජපක්ෂ වරුන් සමග කාටයුතු කළ පිරිස් එම ආණ්ඩුව පලවාහැරීමෙන් පසු විවිධ කතා කියනවා. ඒත් ඇත්තටම ඒ අයට කියන්න තියෙන්නේ වචන හතරයි. “ඝෝඨාභය ගෙනාවට අපිට සමාවෙන්න” කියලා තමයි එ අය කියන්න ඕන.

ඒ වචන දෙක කියන්නේ නැති කිසිම කෙනෙකුට ගෝඨාභයට ඒ අවස්ථාවේදී ආවඩලා, ලංකාවේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද අද පවුල් හැට ලක්ෂයක් මහපාරට ඇදලා දාලා තියෙනවා. මේ පුද්ගලයාව දේශපාලනයට ගෙන ඒම නිසා. ඒ නිසා අපි නම් තීරණය කරලා තියෙනවා අපි, අනාගතයේ අනිවාර්යෙන්ම ආර්ථික, අපරාධ, යුක්ති කොමිෂන් සභාවක් පිහිටුවනවා.

ඒකෙදි මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම නිලධාරීන්, ඒ වගේම දේශපාලක ඒ වගේම ගෝඨාභයව පුම්බන්න මෙතනට ගෙනාපු සියලු පිරිස්, ජනතාව නොමග යවපු පිරිස්, ජනතාවට බොරු කියපු පිරිස්, මේ සියලු දෙනා ගර්භාෂ යුද්ධයේ සිට වියත් මගේ ගියපු මොළ හතේ සීයට හතේ වර්ධන වේගය ගේනවයි කියලා පොරොන්දු දීපු අය දක්වා සියලු දෙනාම මේ විනිශ්චය කොමිෂන් සභාවට ගෙනල්ලා තරාතිරම නොබලා අපි දඬුවම් කරනවා”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *