ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක හදිසියේ ඇති වූ කැළඹීමකින් එක් පුද්ගලයෙකු මියගොස් 71 දෙනෙකු තුවාල ලැබුවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික 73 හැවිරිදි ජෙෆ්රි කිචන් නැමැත්තෙක්.
මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙම ගුවන් අනතුරින් තුවාල ලබා තිබෙනවා.
ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ගුවන් යානයේ ඇති වූ හදිසි කැළඹීමෙන් පසුව බොයිං වර්ගයේ එම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බව වාර්තා වෙනවා.
ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.