කටුනායක හඬ නැගූ තරුණයා ගැන අනාවරණයක්

වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ග්ලෝබල් VFS සමාගමට පවරා දීමට එරෙහිව පසුගිය 1 දා කටුනායක ගුවන්තොටුපලේ දී විවෘත අදහස් පළ කළ සඳරු කුමාරසිංහ මහතා ඊයේ (6) කටුනායක ගුවන්තොටුපල පොලිසියට කැදවා පැය 1යි විනාඩි 40ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වෙනවා.

ඔහු පිළිබඳ කළ සොයා බැලීමේ දී ආරක්ෂක අංශයන්ට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව කුමාරසිංහ මහතා සිය රුසියානු ජාතික පෙම්වතිය සමග තායිලන්තයේ සිට මැයි 1 දා FD 140 දරණ ගුවන්යානයෙන් රාත්‍රී 8.57ට දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු නීතිඥවරයෙක් වන අතර සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙකු ද වෙනවා.

ආරක්ෂක අංශ අනාවරණය කරගත් තොරතුරු අනුව ඔහුගේ පවුලේම අයෙක් 2018 වසරේ ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවට ද වාර්තා වෙනවා.