ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි අනුපාතය‘ 93.3ක් ලෙසින් වාර්තා වේ.
‘පුමිතිරි අනුපාතය‘ (ස්ත්‍රී පුරුෂ අනුපාතය) යනු සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවයි. පුමිතිරි අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගු කාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් වේ.
ඒ අනුව, පුමිතිරි අනුපාතය 100ට වැඩි වන විට පුරුෂ සංඛ්‍යාව ස්ත්‍රී සංඛ්‍යාව අභිබවා යාමක් හා 100ට අඩුවන විට ස්ත්‍රී සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව අභිබවා යාමක් පෙන්නුම් කෙරේ.