ගැඹුරු මුහුදේ සිදුකළ පිපි‍රීමක් කැස්බෑ මරණ සඳහා හේතුව විය හැකියි.

දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේදී හමුවූ කැස්බෑවන් මියගියේ ගැඹුරු මුහුදේ සිදුවු කිසියම් පිපිරීමක් නිසා විය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි .

ඇතැම් කැස්බෑවන් මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මියගොස් ඇති අතර හමුවූ සියලූම කැස්බෑවන්ගේ මතුපිට කටුව දැඩි ලෙස පිපීරීමට ලක්වීමත් යන කරුණු කැස්බෑ මරණ පිළිබඳ හේතු සොයාබලනා පරයේෂකයන්ගේ අවධානයට යොමුව ඇති බව එම දෙපාර්තමේතුව පවසයි .

ජා-ඇළ මුහුදු තීරයේ සිට පානදුර දක්වා මුහුදු තීරයෙන් මියගිය කැස්බෑවන් 25 දෙනෙක් සහ ජීවි කැස්බෑවන් දෙදෙනෙකු සොයාගත් බවත්, මියගිය කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් වන අතර කොළ කැස්බෑවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවත් වාර්තා වේ.

ධීවර කටයුතුවල නිරත ධීවරයින් විසින් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් යෙදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේද යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර
කැස්බෑවන්ගේ සිරුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිය යෑමට හේතුව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *