ගාල්ල පෙනි පෙනී අනතුරට පත් ඉරාන නෞකාවේ 148 ක් අතුරුදහන් .

ගාලු මුහුදට නාවික සැතපුම් 40 ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ නාවිකයන් 180 ක් සිට ඇතිබවත්, ඉන් 32 දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමෙන්තුවේදී අද පැවසීය .

බේරාගත් 30 දෙනා නාවික හමුදාවේ ගලවාගැනීමේ ඒකකය මගින් කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවත්, නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇති බවත් අමත්‍යවරයා සඳහන් කළේය .

ඉරාන නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ බවත්, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරමින් සිටිනා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය .

ගාල්ලට නොදුරු මුහුදේ නෞකාවක් ගිලෙමින් පවතින බවට අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත .