ග්ලෙන් මැක්ස්වෙල්ගේ විස්මිත ඉනිමෙන් ඕස්ට්‍රේලියාව අර්ධ අවසාන වටයට පිවිසෙයි

ඇෆ්ගන්ස්තානය හමුවේ ලැබිමට ගිය නින්දිත පරාජයෙන් තම කණ්ඩායම ගලවාගන්නට ඕස්‍ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ සමත් විය . පන්දු 128 ක් තුළ නොදැවී ලකුණු 201 ලබාගනිමින් ඔහු පෙන්වූ දස්කම නිසාම ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූ අතර ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම ක්‍රිකට් ලෝක කුසලානයේ සර්වකාලීන විශිෂ්ටතම ඉනිමක් බවට පත් විය.

ලකුණු 291 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාන්ගේ කඩුළු 7 ක් ලකුණු 97 කට බිඳ දමන්න්ට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. එම අවස්ථාවෙ හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් විස්මිත ඉනිමක් ක්‍රීඩාකරමින් ඕස්ට්‍රේලිය්වා අනපෙක්ෂිත ජයක් කරා ගෙන යන ලදි.

බංගලාදේශ පිල කඩුළු 5 ක් දැවී ලබාගත් ලකුණු 291ක ඕවර ඕවර 46.6 තුළ කඩුළු 7 ක් දැවී පසුකට යාමට ඕස්ට්‍රේලියාව සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *