ගලවාගැනීමේ කටයුතු සඳහා ඉන්දීයාවෙන් හෙලිකොප්ටර්

අභ්‍යාසයක් සඳහා මේ දිනවල කොළඹ වරායට පැමිණ සිටිනා ඉන්දීය නාවික හමුදාව සතු INS වික්‍රාන්ට් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ සහන මේහෙයුම් සඳහා සිය හෙලිකොප්ටර් යෙදවීමට තීරණය කර ඇත .

‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ, දැනට කොළඹ නැංගුරම් ලා ඇති ඉන්දීය යුද නෞකාවෙන් සහාය ඉල්ලා ඇති බවත්, ඒ සඳහා ඉන්දීය රජයේ එකඟතාවය පලකර අති බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාද පවසා ඇත.