ගන්දරින් මාළු අල්ලන්නට මුහුදු ගිය යාත්‍රාවේ බිලියන 2 ක අයිස් සහ හෙරොයින්

නාවික හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගන්න ලද බහුදින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත බවත්, එහි තිබී සොයාගත් මත්ද්‍රාව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 2ක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි .

හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් මෙහි තිබී සොයාගැනීමට හැකිව ඇත .

පසුගිය 09 වනදා ගන්දර ප්‍රදේශයෙන් ධීවරයින් පස් දෙනෙකු සමඟ මුහුදු ගිය මෙම යාත්‍රාව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (23) නාවික හමුදා භාරයට ගනු ලැබීය.