ගං වතුරෙන් පේරාදිණිය විශ්ව විද්‍යාලයට දැඩි හානි

මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසීය .

ඔහු සඳහන් කළේ, මහවැලි ගඟ උතුරා යාමෙන් ඇතිවූ ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යුත් උපකරණ, පරිගණක පර්යේෂණ දත්ත උපකරණ, වටිනා ගෘහ භාණ්ඩ ඇතුළු කෝටි ගණනක් වටිනා දේපළ විනාශ වී ඇති බවයි.

විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ තිබූ කෝටි 6 ක පමණ පරිගණක උපකරණ විනාශ වී ඇති අතර, ක්‍රීඩා උපකරණ නඩත්තු ඒකකයේ විදුලි උපකරණ, විශාල ප්ලාස්ටික් ජල ටැංකි රැසක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවද උපකුලපතිවරයා සඳහන් කළේය.