ගංගා ජල මට්ටම ඉහල යාම හේතුවෙන් ගංවතුර අවදානමක්

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවය.

ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේය.

මෙම ගංගාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *