කොළඹ ගස් 59 ක් කඩා වැටිලා – දහනමයක්ම විහාර මහා දේවි උද්‍යානයේ

අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ඉන් ගස් කඩා වැටීමේ සිද්ධි දහනමයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් .

අනෙකුත් ගස් කඩා වැටීම් බොහෝමයක් ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදුව ඇති බවත් නාගරික කොමසාරිස්වරිය සඳහන් කර තිබෙනවා..

එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් තද සුළං හේතුවෙන් මුලින් ඉදිරී ගොස් කඩා වැටි අතර මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබෙනවා.

වසර 50 ත් 150 ත් අතර පැරණි ගස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ තිබූ බවත් එම ගස්වල බොහෝ ප්‍රමාණයක කඳ දිරායාම හේතුවෙන් ගස් සියයට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇය සඳහන් කළා.