කොළඹ සහ තදාසන්න ප්‍රදේශයේ ගං වතුර බැසයාමට පටන් ගැනීමත් සමග එම ප්‍රදේශවල සොර සතුරු උවදුර ඉහළ යමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග පවසයි . ගං වතුරට යටව තුබූ ඇතැම් නිවාසවල හිමිකරුවන් නැවත පැමිණීමට පෙර බාහිර පුද්ගලයන් එම නිවාසවලට ඇතුළු වී බඩු භාණ්ඩ සොරා ගත් අවස්ථා කිහිපයක් වාර්තා වි ඇත බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති .
මෙවැනි සොරකම් සඳහා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් වැඩි වශයෙන් පෙළැඹී ඇති බවත්. සහන කටයුතු සහ එදිනෙදා රාජකාරි සඳහා පොලිස් නිළධාරීන් යෙදවීම නිසා මෙවැනි සොරකම් මර්ධනය සඳහා පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇතිබවත් ඕවුහු පෙන්වාදෙති .