කොටහේනේ ඝාතයට සැකපිට පස් දෙනෙක් අත් අඩංගුවට .

කොටහේනේදී පසුගියදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතන‍ය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් පස් දෙනෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිසට සැකකාරයන් තිදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් ඇතුළත් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි . මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණි . අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග මෝටර් රථයක් සහ ජංගම දුරකථනයක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත . මෙම පිරිස
ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.