වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් හේතුවෙන් රටේ කීරි සම්බා හිඟයක් පවතින බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
“කීරි සම්බා හිඟවෙද්දී නාඩු හාල් කොච්චර වෙළඳපොලේ තියෙනවා ද කියා සොයා බලන එක මාධ්‍යවේදීන් හැටියට ඔබගේ වගකීමක්. රුපියල් 230 ට මිල නියමවුන නාඩු හාල් කිලෝ එක දැන් රුපියල් 170 ට තියෙනවා. රුපියල් 260 ට දෙන්න ඕනෙ කීරි සම්බා ඒ මිලට වෙළඳපොලේ නෑ. ඒකෙන්ම පේනවා මෙතන මේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මේ තියෙන බව.” ඔහු පැවසීය .
නාඩු වී වැඩි ප්‍රමානයක් වගාකර ඇතිබවත් , ඊට සාපේක්ෂව කීරි සම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් වගාකර ඇතිබවත් ඔහු පැවසීය . කෙසේ නමුත් සහල් ව්‍යාපාරිකයන් වශයෙන් තමන්ට රටේ පවතින නීතිවලට අනුව වැඩකිරීමට සිදුවන බවත් , කීරී සම්බා හිඟයට තමන්ට කල හැකි දෙයක් නැතිබවත් ඔහු පැවසීය ,.
රට තුළ උද්ගතව ඇති කිරී සම්බා හිඟය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .