ජාතික ජනබලවේග රජයේ ප්‍රථම කැබිනට් සංශෝධනය අද සිදු විය. එහිදීනව නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් පත්වූ අතර රජයේ ඉදිරි පෙළ අමාත්‍යවරයෙක් වන බිමල් රත්නායකට ඔහු දරමින් සිටි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ අහිමි වීම කැපී පෙනන සිදුවීමක් බවට පත්ව ඇත.
ඊට අමතරව හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය බාර ගැනීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිසා ප්‍රප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත්වූ යූ. ඩී නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත්කිරීමද කැපී පෙනනා ක්‍රියාවකි . තවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් සිටියදී ඔහු මෙම තනතුරට පත්ව ඇත. යූ.ඩී. නිශාන්ත ජයවීර ජනාධිපති අනුර දිසනායක්ගේ සමීපතමයෙක් ලෙස සැලකේ.
නව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත්ව ඇත. වෛද්‍ය එම්.එම් සුසිල් රණසිංහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙසද පත්ව සිටී . බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්ව සිටී .
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ආචාර්ය අනිල් ජයන්ත (මුදල් සහ ක්‍රමසම්පාදන) , ටී.බී. සරත් ( නිවස සහ ඉදිකිරීම්), එම්. එම්. මොහොමඩ් මුනීර් ( ආගමික සහ සංස්කෘතික), එරංග සේනාරත්න (නාගරික සංවර්ධන), වෛද්‍ය මුදිත හංසක විජේමුණි (සෞඛ්‍ය), දිනිඳු සමන් කුමාර (යෞවන කටයුතු ) , යූ.ඩී. නිශාන්ත ජයවීර (ආර්ථික සංවර්ධන) , ආචාර්ය කෞශල්‍යා ආරියරත්න (ජනමාධ්‍ය) , ඉමාම් අක්‍රම් (බලශක්ති) අරවින්ද සෙනරත් (ඉඩම් සහ වාරිමාර්ග) පත්ව සිටී.