වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන්ට කැබිනට් මණ්ඩලය සිය විරෝධය පළ කර තිබෙනවා.
ඒ,කැබිනට් මණ්ඩලය සහ මහ බැංකු ප්‍රධානීන් අතර පැවති හමුවේදීයි.
මහ බැංකු සේවකයන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාටද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නැති අතර රටේ මුදල් බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවටයි.
මෙම හමුවේදී කැබිනට් මණ්ඩලය විමසා ඇත්තේ රටේ පවතින මූල්‍ය වාතාවරණය හමුවේ වැටුප් වැඩි කර ගැනීම යෝග්‍යද යන්නයි.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (5) කැඳවීමට නියමිතව තිබෙනවා.