වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ඊයේ රාත්‍රියේදී මහරගම නාවින්නේදී අත්අඩංගුවට ගෙන ඇත .
මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් කැකිරාව ප්‍රදේශයේ සැඟව සිටිනා බවට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වෑටලීමකදී පුද්ගලයෙක් සහ කාන්තාවක් අත් අඩංගුවට ගන්නා ලදි . එම අවස්ථාවේ එහි සිටි එක් පුද්ගලයෙක් පලාගිය අතර ඊයේ රාත්‍රී නාවින්නේදී අත් අඩංගුවට ගනු ලැබූවෙ ඔහු බව පොලිස් ආරංචි මාර්ග අප්වසයි .
ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකරනලද බව එම අරංචිමාර්ග පවසයි. ඒ සඳහා රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය, සෙසු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ.