ක්‍රිකට් පිටියේ ලොකු වෙනසක් සඳහා ශ්‍රි ලංකා ජනාධිපති මැදිහත් වෙයි.

20 – 20 ලෝක ශූරතා තරගවලියේ ඉන්දියාව සමග වන තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය ගෙන තිබූ තීරණය ඉවත්කරගෙන ඇති බව වාර්තා වේ. පාකිස්ථානය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමකට ගරු කරමිනි . ඒ අනුව එම තරගය අපේක්ෂා කළ පරිදිම පෙබරවාරි 15 වන්දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය .

පාකිස්ථානය, ඉන්දියාව සමග වන තරගය වර්ජනය කරනා බව දැනගත් අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ ජනාධිපති අනුර දිසානායක පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සමග විශේෂ දුරකථන සංවාදයක් පවත්වන ලදි . ඊයේ පස්වරුවේ පැවැත්වූ එම සංවාදයෙන් අනතුරුව පාකිස්ථානය මෙම තරගයට ක්‍රීඩාකිරීමට සිය එකඟතාවය පලකර ඇත.

1996 ලෝක කුසලාන සමයේදී මෙන්ම ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අවධියේදී ද පාකිස්තානය සහ ඉන්දියාව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබා දුන් සහයෝගය කිසිවිටකත් අමතක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මේ පිළිබඳව සිය නිල X ගිණුමේ තබූ සටහනේ සඳහන් වෙයි.

ඒ අනුව, සැලසුම් කළ පරිදි ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් උද්යෝගිමත් තරඟයක් වන ඉන්දු – පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවේදී නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.