ක්‍රිකට් කනපිට හරවයි . නව භෞතචිකිත්සකයෙක් සහ පුහුණු කරුවෙක් ගෙන එයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම සඳහා නව භෞතචිකිත්සකයෙක් සහ පුහුණුකරුවෙකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තනතුරු සඳහා එම තනතුරු සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් සළකා බලමින් සිටිනා බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .

මෙසේ වෙතත් මෙලෙස බඳවා ගන්නා කාර්ය මණ්ඩළය දිගු කාලීන පදනමින් බඳවා ගන්නේද යන්න තවමත් තීරණය කර නැත.

ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ පුහුණුකරු ග්‍රාන්ට් ලුඩන් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීම නිසා එම ධූරයන් මේ වන විට පුරප්පාඩුව ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තම පවුලේ අය සමඟ එංගලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටිනා අතර නත්තල් නිවාඩුවෙන් පසු ඉක්මනින්ම කණ්ඩායම හා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියේදී ජාතික කණ්ඩායම භාරව කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පත්වීම්ලාභී (උපදේශක) සනත් ජයසූරිය විවිධ කණ්ඩායම් සහ උසස් කුසළතා මධ්‍යස්ථානය සඳහා නව සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමට සම්බන්ධ වීමට නියමිතය.