ක්‍රිකට් අර්බුදය විසදන ක්‍රමය සජිත් කියාදෙයි

විනාශකාරී මට්ටමට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය විසඳීමේ වැදගත් පියවරක් ලෙස දේශපාලනඥයන්ට ක්‍රිකට් සමාජවල තනතුරු දැරීම තහනම් කරමින් නව නීති ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“ක්‍රිකට් අර්බුදය විසඳීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ශ්‍රී ලංකාවට කොදෙව්වන්ට අත්වූ ඉරණමම අත්වනු ඇත. බටහිර ඉන්දීය කොදෙව්වන් 1975 සහ 1979 වසරවල ලෝක ශූරයන් වුණා. ඔවුන් 1983 දී අනුශූරයන් වුණා. එත් මෙවර ලෝක කුසළාන තරගාවලියට සහභාගී වීමටට්වත් කොදෙව් පිලට බැරි උනා. ඒත් ශ්‍රිලංකාවේ පිලට එහෙම වුණේ නැහැ. මේ වසරේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න පුළුවන් වුණා. මුළු ජාතියම කම්පනයට පත් කළ ක්‍රිකට් අර්බුදය විසඳීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ශ්‍රී ලංකාවටත් එම ඉරණම අත්වේවි” සජිත් ප්‍රේමදාස ජනහමුවක් අමතමින් පැවසීය.

“කැබිනට් සංශෝධනයක් කරනවා වගේ ක්‍රිකට් අර්බුදය විසඳන්න බැහැ. කැබිනට් සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ සහ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉටු කරන්න. ක්‍රිකට් පරිපාලනය කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලකයින් ආරක්ෂා කරන්න හොඳ නැහැ,” ඔහු පැවසීය.1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ආ අයට ක්‍රිකට් පරිපාලනය භාර දිය යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *