කර්නාටක ප්‍රාන්තය ඔසප් නිවාඩුවක් පනත සම්මත කරයි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත රජය කාන්තාවන් සඳහා මසකට වැටුප් සහිත එක් දිනයක නිවාඩුවක් ලබා දී ඇත. ඒ මාසික ආර්ථව දිනයන්හි කාන්තාවන්ගේ පහසුව සහතික කරනු පිනිසය .

ඒ අනුව කර්නාටක ප්‍රාන්තයේ රාජ්‍ය සහ පෞදගලික දෙඅංශයේම කාන්තාවන් සේවයේ නියුතු සෑම අයතනයක්ම වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 12 ක් කාන්තාවන්ට ලබාදීම අනිවාර්ය වෙයි . මෙකී නීතිය ඉකුත් ඔක්තෝබර් 9 වනදා සිට ක්‍රියාත්මක වෙයි .

කර්ණාටක රාජ්‍ය කැබිනට් මණ්ඩලය විසින් 2025 කර්ණාටක ඔසප් නිවාඩු ප්‍රතිපත්තිය අනුමත කිරීම එරට කන්තා සෞඛ්‍ය පිළිබඳව ප්‍රාන්ත රජයේ කැපවීම පෙන්නුම් කරනා අතර නොදුරේදීම එය තවත් ප්‍රාන්ත විසින්ද අනුගමනය කරනු ලබනු ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි .

මෙවන විටත් ඔඩිස්සා සහ බිහාර් ප්‍රාන්ත රජයේ සේවකාවන් සඳහා එක් දින ඔසප් නිවාඩුව ලබා දී ඇත. කේරලයේ විශ්ව විද්‍යාලවලද ඊට සමාන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙයි .