කණ්ඩලමේ වාන මතින් යන්න අවසර ලැබුණු වාහන මෙන්න.

දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අද (17 ) සීග්‍රයෙන් වර්ධනය වීමත් සමඟ විශාල ජල කඳක් වානෙන් පිට වන බැවින් බස් රථ සහ ලොරි රථ පමණක් ධාවනයට අවසරදී ඇති අතර වෙනත් කිසිදු වාහනයකට වාන මතින් ගමන් කිරීම තහනම් කර ඇතැ.

ඒ බව බෝවතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේය.

අද උදෑසන වන විට කඩලම ජලාශයේ වානෙන් පිටවන ජලය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසාවෙන් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටි විශාල ජල කඳක් දඹුලු ඔයට ලැබෙන නිසා පරිහරණය කිරීමේදී දැඩි අවදානයෙන් සිටින ලෙස මහවැලි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කණ්ඩලම ජලාශයේ වාන් දමන ස්ථානයෙන් සහ අනෙකුත් ස්ථානවලින් දිය නෑමට නොයන ලෙසත් ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙස මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධාන උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ ජනතාවට දැනුම් දී සිටී.

මේ වන විට කණ්ඩලම ජලාශයේ වාන් දැමීම සිදුවන නිසාවෙන් දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.