20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කරමින් සුපිරි අටදෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මීට පෙර 20 – 20 ලෝක කුසලාන තරගාවලියකදී අවසාන වතාවට ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාව පරාජය කර තිබුනේ 2009 වසරේදීය . එවර එංගලන්තයේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකාව විසින් ඔස්ට්‍රේලියාව කඩුලු 06 කින් පරාජය කරනු ලැබීය .
මෙම තරගයේ ශ්‍රී ලංකව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට පැතුම් නිශ්ශංක සමත් විය. ආරම්භ පිතිකරුවා ලෙස පිටියට පමිණි ඔහු කුසල් මෙන්ඩිස් සමග දෙවන කඩුල්ලට ලකුණු 100 ක සබඳතාවයක් ගොඩනගනා ලදි . පන්දු 52 කට පමනක් මුහුණ දුන් ඔහු නොදවි 100 ක් ලබාගන්නා ලදි .
පැතුම් නිශ්ශංකගේ ශතකය ශ්‍රි ලාංකික පිතිකරුවෙක් 20 – 20 තරගයකදී ලැබු දෙවන වේගවත්ම ශතකය විය. එමෙන්ම එය 20 – 20 ලෝක කුසලාන තරගවකදී ශතකයක් ලැබූ දෙවෙනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ඔහු පත් විය . පන්දු රකින්නෙක් ලෙස විශිෂ්ට දස්කම් විදහා පෑ ඔහු ග්ලෙන් මැක්වෙල් දව ගැණීම සඳහා විශිෂ්ට උඩපන්දුවක්ද රැකගත්තේය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 1 කට දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 51 ලබා ශ්‍රී ලංකාව තරගයේ ජය මාවතට ගෙන ඒමට දායක විය . පැතුම් රත්නායක නොදැවී ලකුණු 28 ක් ලබමින් ශ්‍රී ලංකාව ජය්ග්‍රහණය කරා ගෙන යන ලදි.
ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය ඕවර 20 තුළ ලකුණු 181 කට දැවී යන ලදි . මිචෙල් මාෂ් 54, ට්‍රැවිස් හෙඩ් 56 . දුෂාන් හේමන්ත ලකුණු 39 ට කඩුළු 3.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිල ඕවර 18 ක් තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 104 . පැතුම් නිශ්ශංක නොදැවි 100. කුසල් මෙන්ඩිස් ලකුණු 51. පවන් රත්නායක නොදැවි ලකුණු 28 . පන්දුයවීමේදී මාකස් ස්ටෝනිස් ලකුණු 46 ට කඩුළු 2 .
තරගයේ වීරයා පැතුම් නිශ්ශංක.