ඔන්ලයින් බදු ගෙවීමේ ක්‍රමයක්

සියලු පළාත් පාලන ආයතන සඳහා මේ වසර අවසන් වීමට පෙර ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලැබෙන බව සඳහන්ය.

ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

ජනතාවට අපහසුතාවකින් තොරව සිය රාජකාරී කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ හදුන්වා දී ඇති අතර, මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *