‘වළව සුපර්ක්‍රොස් 2025’ තරඟාවලිය නැවතත් කරළියට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ රථ වාහන රීෆිනිෂ් ආලේපන සඳහා අංක එකේ නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් වළවේ සුපර්ක්‍රොස් 2025 මෝටර් තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන බව පසුගියදා එම තරඟාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කරනු ලැබිණි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ලෙසින් නිල වශයෙන් නම් කෙරෙන මෙම මෝටර් රථ තරඟාවලිය, දිවයිනේ කීර්තිමත්ම මෝටර් රථ තරඟාවලියක් වන අතර 2019 වසරේදී තාවකාලිකාව නැවත්වීමෙන් අනතුරුව මෙම වසරේදි යළි සංවිධානය වන්නේ වසර පහකට පසුව වීම විශේෂත්වයකි. තරගාවලියේ සම සංවිධායකයින් වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි කාර්මික සහ කාර්මික ඉංජිනේරු අංශයෙහි පසුගියදා පැවති නිල මාධ්‍ය හමුවකදී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ප්‍රධාන අනුග්‍රාහකත්වය නිවේදනය කිරීම සිදු විය.
ජූලි මස 12 සහ 13 සති අන්තයේදී සෙවණගල ක්‍රාෆ්ට්ස්මන් ධාවන පථෙය්දී පැවත්වීමට නියමිත වළව සුපර්ක්‍රොස් තරඟාවලියේ 10 වැනි අදියරය යටතේ මෝටර් කාර් සහ මෝටර් සයිකල් යන ප්‍රධාන අංශ දෙක යටතේ, තරඟ ඉසව් 21 ක් ක්‍රියාත්මක වීමට නියමිතය. සංවිධායකයින්ට අනුව සුපර්ක්‍රොස් තරඟාවලිය නැරඹීම සඳහා මෙවර එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව 50,000 කට අධිකය. උද්වේගකර මෝටර් ධාවන තරඟාවලියක් මෙන්ම සුබසාධන වැඩසටහනක්ද වන වළව සුපර්ක්‍රොස් තරඟාවලිය, යුධ හමුදා සුබසාධනයට මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සත්කාරක ව්‍යාපෘති සඳහාද සහය දක්වයි.
ඒෂියන් පේන්ට්ස් කොස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලියට, ජවයක් සහ ආකර්ෂණිය බවක් එක් කරමින්, වසර 10 කට අධික කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන, මෙරට සුපිරිතම මෝටර් රථ ධාවකයෙක් වන අශාන් සිල්වා මහතාද තරඟාවලිය පැවත්වෙන සති අන්තයේදී, සන්නාමය නියෝජනය කිරීම සඳහා එක් වනු ඇත.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ – ශ්‍රී ලංකා ප්‍රධානී, වෛතිලිංගම් කිරිතරන් මහතා මෙසේ පැවසීය “වළව සුපර්ක්‍රොස් තරඟාවලිය සමඟ අපේ සම්බන්ධතාවය ඉතා දීර්ඝ ඉතිහාසයක් හිමි, අනෝන්‍ය ගෞරවය සහ පොදු ගුණාංගයන් මත පදනම් වුණු සම්බන්ධතාවයක්. වසර පහක නිහැඬියාවකින් පසුව නැවත වරක් වළව සුපර්ක්‍රොස් තරඟාවලිය ක්‍රියාත්මක වන මේ මොහොතේදී, එහි ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් සහයෝගය දැක්වීමට හැකි වීම අපට සැබැවින්ම සතුටක්. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වශයෙන් අපි දීර්ඝ කාලයක් පුරා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන්, විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලියට අනුග්‍රාහකත්වය දැක්වීමත් ඒ ආකාරයටම සමස්ත මෝටර් රථවාහන ක්ෂේත්‍රයේම ප්‍රගමනය වෙනුවෙන් අපි ගත් තවත් එක් වැදගත් පියවරක්. මේ සහයෝගීතාවය ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යාමට අපි අපේක්ෂා කරන අතරම ඉදිරි සති අන්තයේදී ප්‍රේක්ෂකයින් සහ මෝටර් රථ ධාවන ලෝලීන් හට සාර්ථක තරඟාවලියක් දැකගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා”.
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ රීෆිනිෂින් ආලේපනය සඳහා වැඩිම විශ්වාසයක් දිනූ සන්නාමය වන අතර එම නිෂ්පාදන පෙළ උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සහ ඉහළ ගුණාත්මකබව නිසා ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත. ඒ අනුව බලන විට, ශ්‍රී ලංකාවේ මෝටර් ධාවන ක්‍රීඩාවට වැදගත් වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම ක්‍රමෝපාය අතින් වැදගත් පියවරකි. ඒ අතරම දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයේ දියුණුව ගැන සැළකිලිමත් සන්නාමයක් වශයෙන් මෙම අනුග්‍රාහකත්වය හරහා ක්ෂේත්‍රයට සවියක් වීමටද හැකි වීම ජයග්‍රහණයක් වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සළකනු ලබයි.
මෝටර් රථ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඇති කැපවීම ගැන සඳහන් කිරීමේදී, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ව්‍යපෘති ගණනාවක්, දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරන අතර වෘත්තීය පුහුණූ අධිකාරිය සමඟ එක්ව ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයින් දැනුමෙන් සහ දක්ෂතාවයන්ගෙන් සන්නද්ධ කරන වෘත්තීය පුහුණු වැඩසටහන මෙහි සඳහන් කළ යුතුම වැඩසටහනකි.
ඒෂියන් පේන්ට්ස් කොස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය, පෙර කිසිදු අදියරයකට වඩා ආරක්ෂාව තහවුරු කළ, තාක්ෂණික නිරීක්ෂණ/ආවේක්ෂණ භාවිතය අතින් දැවැන්ත පෙරළියක් සිදු කිරීමට නියමිත තරඟාවලියකි. තරඟාවලයේදී භාවිතා කෙරෙන නිරීක්ෂණ/ආවේක්ෂණ ක්‍රමවේදය, උසස්ම තත්ත්වයේ රූප ලබා දෙන අධි තාක්ෂණික CCTV කැමරා 30 කට අධික ප්‍රමාණයක්, එලාම් පද්ධතියක් සහ ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් මාර්ෂල්වරුන් කණ්ඩායමකින් සමන්විත වන අතර මේ සියල්ල හැසිරවීම තනි මධ්‍යගත පාලන මැදිරියක් හරහා සිදු කෙරේ.
ඒෂියන් පේන්ට්ස් කොස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය, කලකට පසුව සෙවණගලට උද්වේගය, ජවය සහ සැණකෙලි සිරියක් ගෙන එමින්, තවත් ඓතිහාසික මොහොතක් සනිටුහන් කරනු ඇත. සංවිධායකයින් සහ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම, එම අවස්ථාව දැකබලා ගැනීමට එක්වන ලෙසට දිවයින පුරා මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්, උද්වේගය ප්‍රිය කරන්නන් සහ පවුල් සමඟ පැමිණෙන අනෙකුත් නරඹන්නන් හට ආරාධනා කර සිටී.
ඡායාරූපය:
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ අලෙවි ප්‍රධානී – අනුරාධ එදිරිසිංහ, එම සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී – වෛතිලිංගම් කිරිතරන්, දක්ෂිණ මෝටර් තරඟ සමාජයේ සභාපති – නුවන් සමරවික්‍රම, ධාවන පථ මෙහෙයුම් සහ ප්‍රමිති කණ්ඩායමේ ප්‍රධානී – මේජර් ජෙනරාල් චමින්ද කළුආරච්චි, දක්ෂිණ මෝටර් තරඟ සමාජයේ කමිටු සාමාජික/තරඟ බාර නිලධාරී – සරිඳු ගමගේ, දක්ෂිණ මෝටර් තරඟ සමාජයේ ලේකම් – රමේෂ් මංගල යන මහත්වරුන්.