එතෙරෙන් එවූ මත්ද්‍රව්‍ය රේගු භාරයට

කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය
පාර්සල් 24ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එම පාර්සල් 24 තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 තිබී ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ බවත් වාර්තා වේ.

මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු විසින් බලය පැවරූ වාප්පු ලිපිකරුවාද රේගු අත්අඩංගුවට පත්විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *