එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් පැමිණේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ලඟාවී තිබේ.

එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිට මෙරටට ළඟා විය.

ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගත හැකි වාහන සහ ආහාර සහ අත්‍යාවශ්‍ය සැපයුම් මෙම තොගය අතර වේ.

මෙම ආධාර තොගය භාරගැනීම මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් ගුවන් තොටුපොළේදී බාර ගන්න ලදි