රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ දරුණු ආපදා තත්ත්වය සලකා බලමින්, අද සහ හෙට (27, 28) දිනවල පැවැත්වීමට නියමිතව තිබූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (G.C.E. A/L) විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී.
ඒ අනුව, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය එකලස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත මේ පිළිබඳව දැනුම් දීමේ දැන්වීමක් නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නොවැම්බර් 27 සහ 28 යන දින සඳහා නියමිතව තිබූ විෂයයන් නැවත කාලසටහනට එක් කරන බවත්, ඒ පිළිබඳ නව දිනයන් පසුව දැනුම් දීමට කටයුතු කරන බවත්ය.
තවද, මෙම කාල සීමාව තුළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල ගබඩා කර ඇති විභාග ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.