උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධ අවසන් තීරණය අද

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේය.

එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ,
විශ්වවිද්‍යාල අචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *